සීහනාද අඩවිය
 

ජවිපෙ ලේ කොළ පාට ද?

ජනතා විමුක්ති පෙරමුණ පටන් ඇරගෙන මේ වෙද්දි අවුරුදු 53 ක් ගතවෙලා. මේ පක්‍ෂය පටන්ගන්න වෙලාවේ බලයේ හිටියේ එක්සත් ජාතික පක්‍ෂය. ඒ වෙද්දි, එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු අටකුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවුරුදු අටකුත් අපේ රට පාලනය කරලා තිබුණා. ‍මාක්ස්වාදී අදහස් අනුගමනය කරපු පක්‍ෂවලින් වැඩි හරියකුත් ඒ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ක අත්වැල් බැඳගෙන හිටියා. මාක්ස්වාදී සටන්පාඨ ජනප්‍රියවෙලා තිබුණු හින්දා දේශපාලන බල කඳවුරුවලට ලේබල් අලවලා තිබුණේ වම සහ දකුණ විදිහට. එක්සත් ජාතික පක්‍ෂය දකුණට බර ධනවාදී, අධිරාජ්‍යයගැති පක්‍ෂයක් විදිහට සැළකුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමට බර තරමක් ප්‍රගතිශීලි පක්‍ෂයක් විදිහට සැළකුණා.

සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න

තනි අලියා ගේ වඳ පෙත්ත!

මිනිස්සු දැක්කාට රංචු ගැහිලා ඉන්න අලි කලබල වෙන්නේ නෑ. ඒත් තනි අලි එහෙම නෑ. හරි ම දරුණුයි. මෙහෙම වෙන්නේ බය හින්දා කියලා තමයි කියන්නේ. කට්ටිය එක්ක එකට ඉඳිද්දි බයවෙන්න කාරණයක් නැහැනේ. හතර වටේමත් පේනවා. කල්ලි ගැහිලා ඉන්න එකේ හයියත් තියෙනවා. මිනිස්සු කියන්නේ විශ්වාසකරන්න පුළුවන් ජාතියක නෙවෙයි කියන අලි හොඳට ම දන්නවා ඇතිනේ. ඉතින් තනියෙන් ඉන්න අලියෙක්ට මනුස්සයෙක් මුණගැහෙනවා කියලා කියන්නේ ඇත්තෙන් ම අලි ප්‍රශ්නයක්. අනතුර දැක දැක ආපස්ස හරිලා යන්න අලියාට සැකයි. කරන්න පුළුවන් ලේසි ම කටයුත්ත තමයි අනතුර නැතිකරලා දාන එක. ඉතින් තනි අලියා මිනිහෙක් දැක්කා ම නො දැක්කා වගේ ඉන්නේ නෑ. ආපස්සට හැරිලා දුවන්නෙත් නෑ. එහෙම නම් ඉතිරිවෙලා තියෙන්නේ එක ම එක විකල්පයයි. ඒ ගැන අපි හැමෝ ම දන්නවා.

සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න

 
 

වරුණ චන්ද්‍රකීර්ති෴
iamwaruna@yahoo.com

 

සංස්කාරක ගේ සටහන

මේ මිනිසුන් එකතුකරන අඩවියයි

අද අපේ රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි මිනිස්සු බෙදිලා කා කොටාගන්න එක. ඒ කා කොටාගැනිල්ලට පොහොර දාන අදහසක් මේ වෙබ් අඩවියට නෑ. මේක මිනිසුන් බෙදන අඩවියක් නෙවෙයි. මේ, මිනිසුන් එකතුකරන අඩවියක්.